ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට නුසුදුසු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ලබන 15 දා (සඳුදා) තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12දා) තීන්දු කළේය.
ඒ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි. ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය ඇති හෙයින් ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්ත මන්ත්‍රි ධුරයට නුසුදුසු බව අභියාචනාධිකරණය පසුගියදා රීට් ආඥාවක් නිකුත් කළේය.