පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් අභියාචනාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුවට අපහාස වන අයුරින් කටයුතු කිරීම හා එම නඩුවේ පැමිණිලිකරුවන්ට අපහාස වන අයුරින් සති අන්ත පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව ඇයට විරුද්ධව අද (08දා) නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව එම නඩුවේ පළමු පැමිණිලිකරු වන බුවනෙක නානායක්කාර මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, අද (07දා) ගාල්ලේදී පැවැති මධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා,
"මම ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පදංචිකරුවන් පස් දෙනෙකු විසින් ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකළා. ඒ සම්බන්ධ තීන්දුව 03 වැනිදා ලබාදුන්නා. ඉන්පසු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය එම නඩු තීන්දුව ගණන් නොගෙන 04 වැනිදා පාර්ලිමේන්තුවට ගිහින් ප්‍රකාශයක් කළා. එය අධිකරණය අපහාස කිරීමක්.
මෙම නඩුවේ පැමිණිලිකරුවන් පස්දෙනාට ගීතා මන්ත්‍රීතුමිය විසින් සති අන්ත පුවත්පත්වලට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කර තියෙනවා. හෙට දිනයේ නීතිඥවරුන් හමුවී ඇයට විරුද්ධව නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනවා" යැයි පවසා සිටියේය.
ගාල්ල ජිනේෂ් නානායක්කාර