ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වුවහොත් ඉන්පසුව එම මන්ත්‍රී ධුරය පියසේන ගමගේ මහතාට හිමිවන බව එක්සත් නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අභියාචනාධිකරණයෙන් මන්ත්‍රීධුරය අහෝසි කිරීමත් සමග ගීතා කුමාරසිංහ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට හැකියාව තිබෙන බවත්, එම අධිකරණයේදීද මෙම තීන්දුව තහවුරු වුවහොත් එම මන්ත්‍රීධුරය පියසේන ගමගේ මහතාට හිමිවන බවත් ඔහු කියා සිටියේය.