මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ගියේ පක්ෂය තුළ සිටි බොහෝ දෙනා ඔහුට කළ හිංසා නිසා බවත්, නමුත් තවම තමන් ආණ්ඩුවෙන් යාමට තීරණය නොකළ බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය.
"එතුමාට පක්ෂෙ ඇතුළෙන්ම හුඟක් වෙනස්කම් කළා. කවුරු හරි ඇත්ත කියන්න ඕනෙ. ඒ නිසයි එතුමා ගියේ. මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ හොඳ මනුස්සයෙක්. ඒත් ඇතුළෙම අය කරපු දේවල් නිසා එතුමා පක්ෂය අතහැරලා ගියා. මම නම් තාම ආණ්ඩුවෙන් යන්න තීරණය කරලා නෑ. නමුත් ගියොත් හොරෙන් යන්නෙත් නෑ. හැමෝටම කියලයි යන්නේ" යැයි 'අද' කළ විමසුමකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය