තායිලන්තයේ පූකෙට් නගරයේ සිට දෝහා බලා ගමන් කරමින් තිබූ කටාර් ගුවන් සේවයට අයත් Q R - 841 ඩ්‍රීම් ලයිනර් ගුවන් යානය හිදිසි ගිනිගැනීමක් හේතුවෙන් අද (19දා) රාත්‍රී 08.27 පමණ කටුනායක ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බැස්සවූ බව කටුනායක ගුවන්තොටුපල පවසයි.
ශ්‍රී ලංකාවට ඉහලින් ගමන් කරමින් සිටියදී ගුවන් යානයේ ඇතිවූ හදිසි ගිනිගැනීමක් හා දුමක් හේතුවෙන් මෙෙස් හදිසියේ ගොඩ බෑමක් සිදුව ඇත.
මෙම අවස්ථාවේ ගුවන් යානය තුල මඟීන් 208ක් හා කාර් ය මණ්ඩලය 15ක් ගමන් කරමින් සිට ඇති අතර ඒ අනුව මෙම මඟීන් ආරක්ෂා සහිතව ගුවන් යානයෙන් ඉවත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපල බලධාරීන් පවසයි.
ඒ අනුව මෙම ගුවන් යානය පිළිබඳ විශේෂ පරීක්ෂාවක් මේවන විට සිදුකරන බව කටුනායක ගුවන් තොටුපල බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
.jpg)