ගිනස් වාර්තාකරුගේ නම අලෙවි කරමින් මුදල් එකතු කරයි
මෑත කාලීනව ගිනස් වාර්තා බිහි කිරීම හරහා ජනතාව අතර, ප්රසිද්ධියට පත්ව ඇති ජනක කාංචන මුදන්නායකගේ නම භාවිත කරමින් බස් රථ තුළ මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වෙමින් තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජනක සඳහන් කළේ තම මවට අසනීප බව සඳහන් කරමින් මුදල් එකතු කරන බවත්, මේ වනවිටත් තමන් ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කර ඇති බවත්ය.
“මගේ නම විකුණලා (ජනක කාංචන) මගේ පියාගේ නම විකුණා. මගේ මවට අසනීපයි කියා මුදල් එකතු කිරීමේ ජාවාරමක් තිබෙනවා. මගේ මව හොඳින් ඉන්නවා. අපට එහෙම මුදල්වල ගැටලුවක් නෑ. මම නිසා සල්ලි දුන්නොත් ඒක මටත් හොඳ නෑ.
මේ කුඩු පානය කරන පුද්ගලයෙක් කියලයි ආරංචිවෙලා තිබෙන්නෙ. මම දැනටමත් මේ ගැන පොලීසිවලට දැනුවත් වෙලා තියෙන්නෙ. මම වැඩ කරන්නේ වරාය අධිකාරියේ මේ පුද්ගලයාව හමු වුණොත් පොලීසිය දැනුවත් කරන්න. ඒ අය ගැන කියලා ඕන දෙයක් කරන්න. නමුත් මගේ නමයි මගේ පියාගේ නමයි යොදා ගැනීම ගැන මම නීති මගින් කටයුතු කරනවා” යැයි ඔහු පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


