දිවයිනේ බොහෝ පළාත්වල අද (08දා) තැනින් තැන සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දකුණ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් වැසි ඇතිවන ප්‍රදේශවල තද සුළං සමග අකුණු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.