ගිංතොටදී පසුගිදා ඇතිවූ සිද්ධිය වැනි සිද්ධියක් නැවත ඇති නොවීම සඳහා එම ස්ථානයේ පොලිස් මුරපොළක් පිහිටුවා ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
එසේම හිත් බිඳීම් සමනය කිරීමට ආගමික නායකයන්, විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවත් එහි පොලීසිය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත් නොකර ආරක්ෂාව තවමත් පවත්වාගෙන යන බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.