සයිටම් ආයනයෙහි සිටින දරුවන් කොතලාවල පීඨයට ඇතුළත් කර ගැනීමේ හා සයිටම් ආයතනය අහෝසි කිරීමේ ගැසට් නිවේදන දෙකම එකම දිනයක කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව මාලඹේ වෛද්‍යපීඨ දෙමාපිය සංගමය සඳහන් කරයි.
මාලඹේ වෙද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් මෙතෙක් ඊට අදාළ නීත්‍යනුකූල කටයුතු ආරම්භ කර නොමැති එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා ගැසට් නිවේදන දෙකම සතියක් තුළ නිකුත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද හෙතම පවසා සිටියේය.