මහනුවර අම්පාර ඇතිවූ ගැටුම් පසුපස සිටින්නේ කොළඹ දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයෙක් බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ ඊයේ (07දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“කූඹියෝ කියලා නාට්යක් තියෙනවා. ඒ කේ ඉන්නවා ජෙහාන් කියන ගේම් කාරයෙක්. මේ සිද්ධිදාමය පසුපස සිටින ජෙහාන් කවුද? මට කියන්න පුළුවන් කොළඹ දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට ඡන්දය ඉල්ලලා ආපු ජාතික ඇඳුම අදින උස හීන්දෑරි හාදයෙක් තමයි මේ ලේ වැකි අපරාධය පසුපස සිටින ජෙහාන්.”