මහනුවර ප්රදේශයේ ඇතිවූ ජාතිවාදී ස්වරූපයේ ගැටුම්වල පරීක්ෂණ අවසන්වනතුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙස ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා ඇතැයි "අද"ට වාර්තාවේ.
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ඇතුළු ආරක්ෂක ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් සතිපතා රැස්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම අග්රාමාත්යරනිල් වික්රමසිංහ මහතාට දැනුම්දී තිබේ.
මෙම පරීක්ෂණ මේවනවිට සියයට හැත්තෑවක් පමණ අවසන් බවත්, ඉතිරි පර්යේෂණ කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක ප්රධානීහු අග්රමාත්යවරයාට මෙහිදී දැනුම්දී ඇත.
මෙම පරීක්ෂණ අවසන් අවස්ථාවේ පවතින බැවින් ඒ සියල්ල අවසන් වන තෙක් හදිසි නීතිය පවත්වාගෙන යන ලෙස ආරක්ෂක ප්රධානීන් ඉල්ලීම්කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජපන් සංචාරය නිමකර ලංකාවට පැමිණි පසුව මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දෙන බව අග්රාමාත්යවරයා ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබේ.