ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක එල්ල වී තිබේ. Pakistani Cyber Team Experts නම් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
කෙසේ වෙතත් මෙම හැකර් ප්‍රහාරය මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති වොන්නක්‍රයි රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරයට අයත් නොවන බව වාර්තා වෙයි.
පාකිස්තානයට ජයවේවා!, මුස්ලිම්වරුන්ට ජයවේවා! පාකිස්තාන හමුදාවට ජයවේවා! පාකිස්තාන අයි.එස්.අයි. ජයවේවා! යනුවෙන් මෙන්ම, කාශ්මීරය නිදහස් කරනු, පලස්තීනය නිදහස් කරනු, සිරියාව නිදහස් කරනු යනුවෙන් ඔවුන් සිය සයිබර් ප්‍රහාරය එල්ල කරමින් සඳහන් කරයි.