ගාල්ල බූස්ස නාවික හමුදා කඳවරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ගාල්ල ගිංතොට මුහුදු වෙරළෙහි කැලෑ රොදක් තුළ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය මෙම ප්‍රදේශයේ තහනම් පන්නයේ ධීවර කටයුතු සඳහා ගෙන එන්නට ඇති බවට සැකකරන බව ගාල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
එම පුපුරණ ද්‍රව්‍ය අතර, ඩයිනමයිට් කරල් 06ක්, ඩෙටනේටර් 05ක් හා සේවා නූල් 04ක් තිබුණු බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
හබරාදුව - නිමල් අල්ගෙවත්ත / ගාල්ල - අමල් වික්‍රමරත්න