ගාල්ල දිස්ත්‍රික්කයේ ගං වතුරින් විපතට පත්වූවන් මුදාගැනීමට සහ ඔවුන්ට සහන සැලසීමට ගුවන් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව පැවසීය.
මේ වන විට දිස්ත්‍රික්කයේ හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල අවම වශයෙන් 200ක් ගංවතුර හේතුවෙන් කොටුවී ඇති බව ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය පවසයි.
මේ අනුව ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව විපතට පත්වූ පිරිස බේරාගන්නට දැවැන්ත මෙහෙයුමක් දියත්කර ඇත. සහන කටයුතු කඩිනම් කිරීම සඳහා ගුවන් යානා තුනක්ද යොදවා ඇතැයි ගුවන් හමුදාව පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් අයෙක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් අවතැන්ව සිටිති. මියගිය පුද්ගලයන්ගේ සිරුර මේ වන විට කොග්ගල ගුවන් හමුදා කඳවුරට රැගෙනවිත් ඇති අතර එය කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතය.
මේ අතර මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන්ට ක්ෂණික ප්‍රතිකාර ලබාදීමට සැලසුම් යොදා ඇතැයි කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීහු පවසති.
පවතින අධික වර්ෂාව හේතුවෙන් මාතර,දෙණියාය,මොරවක කන්ද යන ප්‍රදේශ කිහිපයකද නායයාම් ද සිදුව ඇත.
හබරාදුව නිමල් අල්ගෙවත්ත/ගාල්ල අමල් වික්‍රමරත්න