ග්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රාව වෙනස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ අනුව නව නිල මුද්‍රාව සඳහා දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයද එක් කිරීමට උපදෙස් දී තිබේ.
මෙය සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කිරීමටද පෙර නිල මුද්‍රාවේ ඇතුළත් වූ රාජ්‍ය ලාංඡනය නව මුද්‍රාවෙන් ඉවත් කිරීමටද තීරණය කර තිබේ.
මේ වනවිට මේ පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනුවත් කිරීම් ආරම්භ වී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.