දිවයිනේ ග්ලෝකෝමා රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන හේතුවෙන් වයස අවුරුදු 40ට වැඩි පිරිස් ළඟම පිහිටි අක්ෂි සායනයට ගොස් ඇස් පරීක්ෂා කර ගන්නා ලෙස අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුකමිටුව ඉල්ලා සිටියි.
අක්ෂි රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් 15% ත් 20% ත් අතර ප්‍රමාණයක් ග්ලෝකෝමා රෝගයට ලක්වූවන් බවට හඳුනාගෙන තිබෙන බවද එම කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය අද (12දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළාය.
ග්ලූකෝමා රෝගයට පූර්ව ලෙස ලක්වුවහොත් අන්ධ භාවයට පත්විය හැකි බවත් එසේ වුවහොත් යළි පෙනීම ලබා ගත නොහැකි බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිනිය පවසා සිටියාය.