කෑගල්ල ඩිපෝවේ උප ඩිපෝවක් වන වරකාපොල ඩිපෝවේ රියදුරෙකුට හා කොන්දොස්තර වරයෙකුට මෙම මස 15 වන දින ගලිගමුව ප්රදේශයේ දී පහරදීමට සම්බන්ධ ගලිගමුව ප්රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයෙකු වන අනුරසිරි මංචනායක මහතා අද දින (18) කෑගල්ල පොලීසියට භාර වී තිබෙයි.පොලීසිය විසින් සැකකරු කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් තල අතර වැඩ බලන මහේස්ත්රාත් මාලනී ජයවර්ධන මහත්මිය සැකකරු මෙම මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කලේය.එදින හදුනා ගැනීමේ පෙරට්ටුවකට සැකකරු ඉදිරිපත් කිරීමට ද නියෝග කලාය.අද උදෑසන සැකකරු පොලීසියට භාරවීමත් සමගම බස් රථ වර්ජනය ද අවසන් විය.
වසන්ත රෝහණ - කෑගල්ල