ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බෑගයක තුළ තිබී රිවෝල්වරයක්, පිස්තෝලයක් හා ජීව උණ්ඩ 10ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම ආයුධ තොගය ඊයේ (01දා) සොයාගත්තේය.
ඒ අනුව අධිකරණ භූමියේ රැඳී සිටි පුද්ගලයින් 9 දෙනෙකු හා සිදුවීම සිදුවන අතරතුර අධිකරණ භූමියමට පැමිණි 11 දෙනෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
එම පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අධිකරණ භූමියට රැගෙන විත් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේම සොයාගත් ගිනිඅවි වල ඇති ඇඟිලි සළකුණු ලබාගැනීම හා විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට අපරාධ වාර්ත කොට්ඨාසයට යොමුකර තිබේ.