2013 වසර නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදු වූ අක්‍රමිකතා ගැන අභ්‍යන්තර පරීක්ෂණ නිමවා එකී තොරතුරු වැඩිදුර විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙහිදී ගල්අඟරු ආනයනය තුළ අදාළ සිද්ධියට සම්බන්ධ සියලු අයවලුන්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාකරන බවද අමාත්‍යවරයාසඳහන් කරයි.
මෙකී අක්රමිකතාව නිසා විදුලිබලමණ්ඩලයට රුපියල් මිලියන 460 ක් අහිමි වී ගිය බව මීට ඉහත අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
බලශක්ති ක්ෂේත්‍ර‘ය තුළ පසුගිය කාලය තුළ සිදු වූ විවිධ අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කමිටුවක්ද පත්කර ඇත.