රුපියල් මිලියන 528 ක් පමණ වන ගල්අඟුරු තොගයක් වංචා කිරීමට අදාළව පුද්ගලයන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (03දා) මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, සිලෝන් ශිපින් ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති කාංචන රත්වත්ත, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ එම්.සී. දෙල්ගොඩ, මහා භාණ්ඩාගාරයේ ආර්. එම්.කේ. රණතුංග, වරාය අධිකාරියේ ආර්. එච්. ජයවික්‍රම යන සැකකරුවන්ය.