ගර්භිණී ගුරුවරියන්ට සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට ඉඩපාසල් පද්ධතිය තුළ ඉගෙනුම්-ඉගැන්වීම් කාර්යයේ නිරත ව සිටින ගර්භිණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව පියවර ගෙන තිබේ. එහි සමාරම්භක ජාතික වැඩසටහන හෙට (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ගර්භිණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, ඒ අනුව ලබා දී ඇති නිර්දේශ අනුව, අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පද්ධතිය වෙත මෙම සංකල්පය හඳුන්වාදීමට තීරණය කර ඇත.
පාසල් පද්ධතිය තුළ මේ වනවිට සිටින දෙලක්ෂ තිස්හයදහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 172000ක පමණ පිරිසක් ගුරුවරියන් වන අතර, වාර්ෂික ව ඔවුන් අතරින් 10000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ගැනීමට යොමුවන බව සංඛ්‍යාත්මක දත්ත අනුව හෙළිව තිබේ. ඒ අනුව හෙට සිට පාසල් පද්ධතියේ සිටින සියලු ගර්භිණී ගුරුවරියන්ට තම අවශ්‍යතා පරිදි මෙම සුවපහසු ඇඳුම භාවිත කිරීමට ඉඩ සලසා ඇත.