උදය ගම්මන්පිල මනිත්රීවරයා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇති කරගත් කෙනෙකු නොවන බවත්, ඔහු පෞද්ගලික තීරණයක් ගෙන ඇතත් එම තීරණය ගත්තේ කුමන හේතුවක් මතද යන්න ගැටලු සහගත බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මෙම අදහස් පළකළේ බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ අද (12දා) උදෑසන පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
“මේක මධ්‍යම කාරක සභාවේ 100෴ එකඟතාව මත අත්සන් කළ ගිවිසුමක්. ගිවිසුම අත්සන් කර දින දහයකට පස්සෙ තමයි මෙම ප්රශ්නය මතුවෙලා තිබෙන්නෙ. මීට දින දෙකකට පෙර උදය ගම්මම්පිලගෙන් ප්‍රශ්නයක් ඇත්දැයි විමසූ විට ප්‍රශ්නයක් නැති බව ඔහු ප්‍රකාශ කළා" යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ පුද්ගලයන් එහා මෙහා කරමින් සිදුකරන මඩ ප්‍රහාර සඳහා කලනොකිරෙන බවයි.