ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල හංදිය අසලදී අද (24දා) උඩුගම්පොල දෙස සිට නයිවල දෙසට ධාවනයවූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ගම්පහ පොලීසිය පවසයි.
මෙහිදී යතුරුපැදිය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර ඉන් පසු ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයේ ගැටී ඇත.
මේ අනතුරින් මියගොස් ඇත්තේ බෝලන්ද දේවගේ සජන් මේනක නම් 18හැවිරිදි නයිවෙල පාර උඩුගම්පොල තරුණයෙක් හා කවීෂා අන්දරවැව නම් 16හැවිරිදි කජුගොල්ල ප්රදේශයේ පදිංචි තරුණියකි.
මේ සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.