ගනේමුල්ල හා පොල්ගහවෙ ඉදිකිරීම් අවසන් කළ ගුවන් පාලම් ද්විත්වය මේ මාසයේදී විවෘත කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
ස්පාඤ්ඤ රජයේ ආධාර මත මෙම ගුවන් පාලම් ඉදිකිර ඇත. මේ හරහා එම නගරවල පවතින රථ වාහන තදබදය සැළකිය යුතු මට්ටමකින් අවම වෙනු ඇතැයිද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර රාජගිරියේ ඉදිකළ ගුවන් පාලම හෙට (08දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.