හබරාදූව ග්රාමීය බැංකුවේ ගණුදෙනු කරුවන් පිරිසක් විසින් අද (20දා) දහවල් හබරාදූව සමූපකාර සමිතියේ සභාපති සමන් දිලාන් වැලිගමගේ මහතා පැය 02ක කාලයක් හීනටිගල ග්රාම සංවර්ධන සමිති ගොඩනැගිල්ලේ සිරකර ගෙන රඳවාගෙන සිටියදී පොලීසිය මඟින් මුදවා ගනු ලබූ බව හබරාදූව පොලීසිය සඳහන් කරයි.
හීනටිගල සමූපකාර ග්රාමීය බැංකුවේ ගණුදෙනු කරුවන් 1500කගේ ගණුදෙනු මාස ගණනාවක් තිස්සේ ලබා නොදීම හේතුවෙන් බව අදාල ගණුදෙනු කරුවන් පොලීසියට ප්රකාශ කර ඇත.
මෙම සභාපතිවරයා යටතේ තම ගණුදෙනු ප්රමාද වන බව පවසමින් මීට පෙර අවස්ථා කිහිපයකදී ගණුදෙනු කරුවන් 14දෙනෙකු පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන බවද හබරාදූව පොලීසිය පවසයි.
හබරාදූව නිමල් අල්ගෙවත්ත/ ගාල්ල අමල් වික්රමරත්න
හබරාදුව නිමල් අල්ගෙවත්ත, ගාල්ල අමල් වික්රමරත්න