ගණිතය අනිවාර්ය කිරීම නොගැලපෙන තීන්දුවක්- ග්‍රේරු
අ.පො.ස උසස් පෙළට ඇතුලත්වීම සඳහා අ.පො.ස (සා/පෙළ) ගණිතය විෂය සමත්වීම අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය නූතන අධ්‍යාපන මනෝ විද්‍යාවට නොගැලපෙන තීන්දුවක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ගණිතයට ඉහළ දක්ෂතා දක්වන්නේ 11% ක් වැනි ප්‍රතිශතයක් කියා. ළමයෙකුගේ ගණිත දැනුම ලකුණු පහක් දහයක් වැනි ඉතාම පහල අගයක් ගන්නවා නම් එතන ගැටලුවක් තියෙන්න පුළුවන්, නමුත් ඒ දරුවන්ගේත් විභව්‍ය හඳුනාගත්තොත් ඔහුගේ හැකියාව තුළින් ඉදිරියට යා හැකි මාවතක් පෙන්වා දෙන්න අපට පුළුවන් වෙන්න ඕන. උපදින ඕනෑම දරුවෙකු තුල ගණිතය හා තර්කනය, වාචසික හා භාෂාමය, කායික සංචලන, දෘශ්‍ය හා අවකාශමය, සංගීතය හා රිද්මයානූකූල, අන්තර් පුද්ගල, පුද්ගල ඇතුලාන්ත, ස්වභාවධර්මය පිළිබඳ, චිත්ත වේග හා සංදෘෂ්ටික ලෙස බුද්ධීන් අඩු වැඩි වශයෙන් පිහිටනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ අනුග්‍රහයෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල මඟින් නොමිලේ ආරම්භ කරන ලද මුල් ළමා විය සංවර්ධන අධ්‍යාපන ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවෙහි සමාරම්භයට එක් වෙමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

