අරණායක, කප්පාගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය සිවු දෙනෙකු ඊයේ (21දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මාවනැල්ල පොලීසිය පවසයි.
ඒ අනුව මෙහිදී මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන හිමිකරුවා සහ ආර්යුවේද වෛද්‍යවරියක් ඇතුළු මේ සඳහා යොදාගත් කාන්තාවන් දෙදෙනෙක්ද අත්අංඩගුවට ගෙන තිබේ.
මේ කාන්තාවන් අතර 41වැනි වියේ පසුවන තිරප්පනේ පදිංචි කාන්තාවක් හා හාලිඇල ප්‍රදේශයේ පදිංචි 35ක් පමණ වන කාන්තාවක් වන බව පොලීසිය සඳහන් කර සිටියේය.
සිදූවීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර