ශ්‍රී ලංකාවේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට උපකාර කළ තායිලන්ත ජාතික කාන්වන් දෙදෙනෙකු ඇතුළුව 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බොරැල්ලේදි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබේ.
එහි කළමණාකරු, සහාය දුන් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා තායිලන්ත කාන්තාවන් දෙදෙනෙකු හා ගණිකා වෘත්තියේ යෙදුණ සැකකාරියන් අට දෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත
ගණිකා වෘත්තියේ යෙදුණ කාන්තාවන් අවුරුදු 22 සිට 37 දක්වා වයස් සීමාවේ පසුවන කොළඹ, උකුවෙළ, කුලියාපිටිය, ගම්පහ, පොළොන්නරුව, රිදීගම, ගල්ගමුව හා අවිස්සාවේල්ලේ පදිංචිකාරියන් වෙයි.