ගංවතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා ත්රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. ඒ ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (21දා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීය.
එසේම දිසාපති හා ප්රාදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස පළාත් සභා හා ප්රාදේශීය සභා ජනතා නියෝජිතයන්ගෙන්ද අග්රාමාත්යවරයා ඉල්ලා සිටියේය.