ගංවතුර තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ තල්දූව හා ඉහළ තල්දූව අතර ප්‍රදේශයේ රථවාහන ධාවනයට බාධා ඇතිව තිබෙන බවද වාර්තා වේ.
මේ අතර දිවයිනට බලපා ඇති තදවැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
ඒ අනුව කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් හේ හේතුවෙන් එම ගංගා සහ ඔයවල් ආශ්රිත පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසට එම මධ්‍යස්ථානය දන්වා සිටියි.