ගංවතුරින් හානිවු කුඩා තේවතු හිමියන්ට සහන
ගංවතුරින් හානියට පත් කුඩා තේවතු හිමියන්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, සැප්තැම්බර් මාසයේ සිට එම මුදල් කුඩාතේවතු හිමියන්ට ලබාදෙන බව සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඒ සඳහා රුපියල් මිලියන 530කට වැඩි මුදල් ප්‍රමාණයක් අනුමත වී ඇති අතර,ගාල්ල,මාතර, රත්නපුර, කළුතර, නුවරඑළිය, හම්බන්තොට,කෑගල්ල ආදී සියලුම දිස්ත්‍රික්ක වෙත මෙම සහන ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා පැවසුවේ අද(30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්යහමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන්ට පමණක් රුපියල් මිලියන 168 ක් පමණ වෙන්කර තිබෙනවා. ඒ මුදල් සැප්තැම්බර් 09 වැනිදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ලබාදීමට තීරණය කර තිබෙනවා. අනිකුත් දිස්ත්‍රික්කවලත් එම මුදල් කඩිනමින් බෙදාදීමට වැවිලි කටයුතු අමැතිතුමා කටයුතු සකස්කර තිබෙනවා. ඒවගේම ගංවතුරින් හානිවුණ, අනාරක්ෂිත ස්ථානවල ජීවත්වන පුද්ගලයන්ට ඉඩම් බෙදාදීමත් කඩිනම්කර තිබෙනවා. ඒසඳහා වන සියලු හඳුනාගැනීම් සිදුකර අවසන්* යැයි කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

