රටපුරා යළිත් විදුලිය බිඳ නොවැටීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් මාස දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ(24දා) විදුලිබල මණ්ඩල නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඉකුත්දා රටපුරා විදුලි ඇනහිටීම සම්බන්ධයෙන් හා ට්‍රාන්ස්ෆෝමර් පුපුරා යාම සම්බන්ධයෙන් විමසීමට කෝප් කමිටුව ඊයේ (24දා) විදුලිබල මණ්ඩල නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු කළමනාකාරීත්වය කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ.
කෝප් කමිටුව මෙහිදී නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇති අතර, විඳුලි බිඳවැටීම් සම්බන්ධයෙන් ලැබුණු පිළිතුරු මගින් සෑහීමකට පත්විය නොහැකි බව එහිදී කෝප් කමිටු නිලධාරීහු පවසා සිටියහ.