කෝටි 7ක රන් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි 7 පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් විස්කි බෝතල් අඩංගු අත් බෑගයක් තුළ සගවා ගෙන නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අද (17දා) අලුයම අත්අඩංගුවට ගත බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ ධර්මසේන කහදව මහතා සඳහන් කරයි.
අදාල සැකකරු අද අලුයම 01.00 පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් . - 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බව ඒ මහතා සඳහන් කරයි.
මෙසේ අත් අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගයේ මුලු බර කිලෝ ග්‍රෑම් 10 ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ රෝහිත උඩුවාවල ,නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන පරාක්‍රම බස්නායක සහ දර්ශන සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙමින් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
