රුපියල් කෝටි 5ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්රෑම් 327ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
වැල්ලම්පිටිය, කැළණිමුල්ල ප්රදේශයේ නිවසක තිබියදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ මූලස්ථාන කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.එන්.යූ. පියරත්න මහතාට ලැබුණ පෞද්ගලික තොරතුරකට අනුවය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (21දා) මෙම වැටලීම සිදුකර තිබේ.