අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යය වන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
2017 ජනවාරි 01 වැනි සිට 2017 දෙසැම්බර් 27 දක්වා කාලය තුළ රුපියල් 375,506,864.37 ක් වටිනා හෙරොයින් ,නීතිවිරෝධී දුම්වැටි, මත්පැන්, ගංජා මත්ද්‍රව්‍යය පොලීස් විශේෂ කාර්ය බලකායත් මත්ද්‍රව්‍යය සහ බරපතළ අපරාධ මර්දන දිසාවත් පමණක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් 136,119,250.00 කි. රුපියල් 35,330,800.00 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි, රුපියල් 90,199,732.65ක් වටිනා මත්පැන්, රුපියල් 113,857,081.72 ක් වටිනා ගංජා අත්අඩංගුවට ගෙන ඇත.