රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්රෑම් එකක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය පලෙයි කරන්දායි ප්රදේශයේදී ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබණ තොරතුරකට අනුව මෙම මෙහෙයුම දියත් කොට ඇත.
අදාල හෙරෝයින් තොගය සඳහා වැටලීම සිදු කරන අවස්ථාවේදී හෙරෝයින් තොගය ප්රවාහනය කරන ලද වෑන් රථයද අත්අඩංගුවට ගෙන ඇත.
හෙරෝයින් ජාවාරම සිදුකල පුද්ගලයින් වයස 27 හා 37 යන වයස් සීමාවන් වල වන අතර ඔවුන් යාපනයේ පදිංචිකරුවන් වෙයි.