කෝකිලායි සිංහල පාසලේ පිපිරීමකින් 8ක් රෝහලේ
මුලතිව් කෝකිලායි සිංහල විද්‍යාලයේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනකදී කසළ ගොඩක සිදු වූ පිපිරීමකින් කම්පනයට පත් පාසල් සිසුන් 08 දෙනෙකු අද (18) උදෑසන මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කළ බව මුලතිව් පොලීසිය පවසයි.
මෙම වැඩසටහනේදී පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසළ එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසළ ගොඩක් හදිසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.
අදාළ පිපිරීමෙන් කිසිදු අයෙකුට තුවාල සිදුවී නොමැති බවත් කසළ ගොඩේ කිසියම් පුපුරන ද්‍රව්‍යක් තිබී පුපුරා යන්නට ඇති බවට සැක කරන බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය හේතුවෙන් මාචෝලෙයි රෝහලට ඇතුළත් කොට ඇති සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අදාළ පිපිරීම වූ ස්ථානයට පැමිණ මේ වන විට පැමිණ ඇති මුලතිව් හා කෝකිලායි පොලිස් ස්ථානවල නිලධාරීන් පාසල් සිසුන්ට බිය නොවන ලෙස දැනුවක් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

