කොළඹ වරාය බහාලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹීමෙන් බහාලු මෙහෙයුම් මිලියන 06 සීමාව ඉක්මවීමට පෙරේදා (24දා) සමත් වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
එම අවස්ථාව සමරමින් ජය බහාලු පර්යන්තයේ පැවැති විශේෂ උත්සවයකට එක් වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද මහරසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CICT SAGT පර්යන්ත සමග එකට එකමුතුව, තරගකාරී හැඟීමෙන් බැහැරව කොළඹ වරාය බහාලුම් මෙහෙයුම් වරායන් අතර ඉතා ඉහළින් ඔසවා තැබීමට කටයුතු කරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වරාය ශිෂ්ටාචාරයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් වෙත පියනැගීමට හැකි වීම පිළිබඳ දැඩි සතුටට පත් වන බවත්, නැගෙනහිර පර්යන්තයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමත් සමග විශිෂ්ට ඵලදායිතාවකින් යුතුව කටයුතු කරම්න් කොළඹ වරාය වෙත විශාල නෞකා ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.
කොළඹ වරාය සිය බහාලු මෙහෙයුම් ක්‍රියවලිය තුළ බහාලු මිලියන 01 සීමාව ඉක්මවීමට 1995 වර්ෂයේදී සමත් වී තිබේ.අනතුරුව වසර 09කට පසු 2004 වර්ෂයේදී SAGT පර්යන්තය හා එක්ව බහාලු මිලියන 02 සීමාව ඉක්ම වූකොළඹ වරාය 2006 වසරේදී බහාලු මිලියන 03 සීමාව පසු කළේය. අනතුරුව 2010 වසරේදී බහාලු මිලියන 04 සීමාවද,CICT පර්යන්තය සමග එක්ව 2015 වසරේදී බහාලු මිලියන 05 සීමාවද ඉක්මවීමට කොළඹ වරාය සමත් විය.