කොළඹ පාසල්වල සියලූ පහසුකම් ගම් පාසලටත්
ළඟම පාසල හොඳ ම පාසල කිරීමේ සංකල්පය යටතේ කොළඹ ප්‍රධාන පාසල්වල පවත්නා සියලූ පහසුකම් ගම් මට්ටමට ලබාදෙන්නට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
12 වැනි වරටත් පැවැත්වෙන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියේ ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා ලංකාවෙන් පිටත් වීමට නියමිත ශිෂ්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි හෙතෙම මේබව කීය.
මෙවර ඔලිම්පියාඞ් ගණිත හා විද්‍යා තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ පැතුම්තානීහි දී වන අතර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින්ගණිත අංශයෙන් සහ විද්‍යා අංශයෙන් සිසු දරුවන් 22 දෙනෙක් මෙම සංචාරයට එක්වීමට නියමිත ය.
අරමුණු කරා ළඟාවීමේ දී අධිෂ්ඨාන ශක්තිය ඉතා වැදගත් බවත් යම් කිසි ක්ෂේත්රයකින් ප්‍රවීණත්වයට පත්වීමට නම් ඒ පිළිබඳ කැපවීම, දිගින් දිගට ම එම විෂය හැදෑරීම, අලූත් ක්‍රමවේද භාවිත කිරීම, මෙන් ම අන්තර්ජාලය හරහා දැනුම ගවේෂණයට යොමු විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ සඳහා දෙමව්පියන්ගේ නිවැරදි මගපෙන්වීම, ගුරුවරුන්ගේ කැපවීම දරුවන්ට විශාල පිටුබලයක් වන බවත් අමාත්‍යවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

