කොළඹ නගරයේ දිනපතා එක්රැස්වන කැලිකසළ පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට රජය සැලසුම් කොට ඇති බවත්, එම වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවත් පැවසෙයි.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
මේ සඳහා 2015 අයවැය යෝජනාවෙන් රු.මිලියන 10,000ක මුදලක්ද වෙන්කොට තිබේ.