කොළඹ 7 ආර්කේඩ් වෙළඳ උද්‍යානය, කොළඹ පැරණි තුරඟ තරග පිටිය හා නුවර එළිය පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික ආයෝජකයන්ට පැවැරීමට අදාළ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය රජයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
එහෙත් කොළඹ 7 ආර්කේඩ් වෙළඳ උද්‍යානය හා පැරණි තුරඟ තරග පිටිය පෞද්ගලීකරණයට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දැඩි විරෝධය පළ කරඇති බව වාර්තා වෙයි.
මේ අතර මත්තල ගුවන් තොටුපොළ හා ඒ අවට අක්කර 800 භූමිය තක්සේරු කර තක්සේරු වාර්තාවක් රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් මුදල් අමාත්‍යංශය ඉල්ලා ඇත.
ආර්කේඩ් උද්‍යානය පෞද්ගලික ආයෝජකයෙකු ඉල්ලා ඇතැයිද රජයේ ආර්ථික කමිටුවේදී සඳහන් වී තිබේ. නුවර එළිය බ්‍රිතාන්‍ය කාලයේදී ඉදිකළළ ඉපැරණි වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රකට ඉන්දීය හෝටල් සමාගමට පැවැරිය යුතුය යන යෝජනාව ආර්ථික කවුන්සිලය සළකා බැලූ බවද කියැවේ.
උපුටා ගැනීම - දේශය