අද (26දා) දවස පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල පරණ පාර මාර්ගය වැල්ලම්පිටිය, කොහිලවත්ත, අඹතලේ යන ප්රදේශ ජලයෙන් යටවී ඇත.
මේ හේතුවෙන් එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මඟීන් වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
විකල්ප මාර්ග ලෙස වැලිකඩ, රාජගිරිය, මාලඹේ, අතුරුගිරිය, ගොඩගම හංදියෙන් හයිලෙවල් මාර්ගය භාවිතා කළ හැකිය.