කොළඹ දිස්ත්රික්කයෙන් පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් සියයට 20කට වැඩි පිරිසක් අපරාධකරුවන් බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සම්මේලනය සඳහන් කරයි.
මේ නිසා පිළිබඳ සොයා බැලූ අදාළ පුද්ගලයන් පිළිබඳ පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඊයේ (09දා) ලිඛිතව ඉල්ලා සිටි බව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.
අපරාධවලට සම්බන්ධ පිරිස්වලට අමතරව අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන පිරිස්ද සිටින හෙයින් ඔවුන් පිළිබඳවද සොයා බලන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
පොදුවේ සියලුම අපේක්ෂකයන්ගෙන් 251 දෙනෙකුට වැඩි පිරිසක් පාතාල කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවත්, මේ පිළිබඳ කොමිෂන් සභාව දැනුවත් කළ බවත් හෙතෙම සඳහන් කළේය.