කොළඹට ගාල්ලට මහනුවරට රත්නපුරට ශිෂ්‍යත්වයෙන් කැකිරි
ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන අතරින් එකදු ස්ථානයක් හෝ හිමිකර ගැනීමට කොළඹ, ගාල්ල, රත්නපුර හා මහනුවර යන ප්‍රධාන දිස්ත්‍රික්කවල කිසිදු ප්‍රධාන හෝ ජනප්‍රිය පාසලක් සමත්ව නොතිබීම විශේෂත්වයක් වෙනවා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, බෝමිරිය මුනිදාස කුමාරතුංග විදුහලේ ලිසඳි ඉමෙත්මා හඳපාන්ගොඩ සිසුවිය ලකුණු 194ක් ලබාගනිමින් තෙවැනි ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
දිවයිනේ ප්‍රධාන මෙන්ම ජනප්‍රිය පිරිමි, කාන්තා හා මිශ්‍ර පාසල් කිහිපයක්ම කොළඹ, ගාල්ල, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්කවල පිහිටා තිබෙද්දී එම පාසල්වලින් මුල් ස්ථාන ලබාගත් සිසුවෙකු හෝ සිසුවිය බිහි නොවීම සුවිශේෂි කරුණක් වෙනවා. ආසන්නයේ ප්‍රතිඵල නිකුත් වූ සෑම ශිෂ්‍යත්ව විභාගයකම පාහේ දිවයිනේ මුල් ස්ථාන අතරින් කිහිපයක්ම මෙම දිස්ත්‍රික්කවල ප්‍රධාන පාසල්වලට හිමිවුණා.
එසේම කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක හා සිසුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයක් හා තෙවැනි ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ලකුණු 195ක් ලබාගත් රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවිය දිවයිනේ දෙවැනි ස්ථාන දෙකෙන් එක් ස්ථානයක් හා ලකුණු 194ක් ලබාගත් තේජන කවුසිත් විජේකෝන් තෙවැනි ස්ථාන 9න් එක් ස්ථානයකුත් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


