කොළඹට කිරිත් නැහැ කැකිරිත් නැහැ - වෙරි සොරි
උතුරේ සහ ග්‍රාමීය කලාපවල අලුතින් නිවාස ඉදිකරනවා මෙන්ම කොළඹ නාගරික පළාත් තුළ ජීවත් වන පැල්පත්වාසී ජනතාවටද නිවාස අවශ්‍ය බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
එබැවින් කොළඹ නගරයේ නාගරික දුප්පත් ජනතාවගේ නිවාස ප්රශ්නය කෙරෙහිද උතුරේ සහ ග්‍රාමීය කලාපවල නිවාස ප්රශ්නය හා සමාන ලෙස අවධානය යොමු කළයුතු බවත් අමාත්‍යවරයා පැවසුවේ අද(13දා) කොළඹ, මට්ටක්කුලිය, කදිරානවත්තේ ප්‍රජා ශාලාවට සහ පුස්තකාල ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.
එමෙන්ම කුලී නිවාසවල ජීවත් වන ජනතාවටද නිවාස ලබාදිය යුතු බවත්, කොළඹ ජනාකීර්ණ නගරයේ එක පවුලක බොහෝ පිරිසක් ජීවත් වන බැවින් ප්‍රධාන පවුලට එක නිවසකුත්, එම පවුලේ සෙසු පිරිසට වෙනත් නිවසකුත් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතිකළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පිට පළාත්වලින් ජනතාව ගෙනැවිත් පදිංචි කරනවා වෙනුවට පළමුව කළ යුත්තේ කොළඹ ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමයි.
කොළඹට කිරි - ගමට කැකිරි කියපු කාලේ දැන් අවසන් වෙලා. දැන් කොළඹට කිරිත් නැහැ, කැකිරිත් නැහැ, කොළඹට වෙරි සොරි තමයි කියන්න වෙන්නේ යැයි කීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
