අහිංසක මිනිස් ජීවිත හා විශාල පිරිසකට තම උන්හිටි තැන් අහිමි කරමින් හල්දුම්මුල්ල නගරය ආසන්න කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ ඇති වූ දරුණු නායයෑම් තත්ත්වය ඇසීමෙන් තමන් මහත් සේ කම්පාවට පත්වූ බව මාලදිවයින් විදේශ අමාත්‍ය දුන්යා මවුමූන් මහත්මිය පවසයි.
ජාතික ආපදාවක් සිදුවූ මේ අවස්ථාවේදී මාලදිවයින් රජය සහ ජනතාවගේ බලවත් සංවේගය ශ්‍රී ලංකා රජය හා එරට ජනතාව වෙත පළ කරන බවත්, විශේෂයෙන්ම නායයෑමෙන් ජීවිත හානි වූවන්ගේ පවුල්වලට හා ආපදාවන්ට ලක්වූවන්ට තම ශෝකය පළ කරන බවත් අමාත්‍යවරයි වැඩිදුරටත් පවසයි.