කොස්ලන්ද නාය යෑමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා නවසීලන්ත රජය ශ්‍රී ලංකා රජයට උපකාර කරන බව එරට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නේතන් ගයි සඳහන් කරයි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා නේතන් අමත්‍යවරයා අතර අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.