මීරියබැද්ද නාය යාම - 10 දෙනෙකු මිය යයි 150ක් අතුරුදන්
(UPDATE) (PICTURES) (VIDEO) 8.35 P.M. මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයාමෙන් මියගිය දස දෙනෙකුගේ සිරුරු යොයාගෙන තිබේ. පුද්ගලයන් 150කට අධික පිරිසක් අතුරුදන්වී සිටියි.
6.13 P.M. මීරියබැද්ද වතුයායේ සිදු වූ නායයාමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු අඳුර හා වර්ෂාව හේතුවෙන් අද දිනයට නිමා කළ බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
නැවතත් හෙට දිනයේදී මෙහෙයුම් ආරම්භ කිරිමට නියමතිය.
වතුයායේ ජීවත්වූ පිරිසෙන් 100කට ආසන්න පිරිසක් සහන කඳවුරුවල සිටිති.
මිය ගිය පුද්ගලයන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙන බව තහවුරු කළ වාර්තා කියයි.
05.43 P.M. නාය යාම හේතුවෙන් ආසන්න වශයෙන් 250කට අධික පිරිසක් විපතට පත්ව ඇති බව වාර්තාවෙයි. මීරියබැද්ද වතුයායේ ආසන්න වශයෙන් 350ක් පමණ ජීවත්ව සිටියහ.
මේ අතර ලබන තුන්වැනිදා තේ එම ප්‍ර දේශයේ පාසල් 10ක් වසාදමා තිබේ.
.gif)
.gif)
.gif)
.gif)
4.13 P.M. මිරියබැද්ද වතුයායේ සිදුවූ නාය යාමෙන් මියගිය පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදා සාමාජිකයන් 500ක් පමණ එක්ව තිබේ.
3.11P.M. මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයෑම් වලින් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා යුද හමුදාවේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙයි. කෙසේ වෙතත් පස්කන්ඳ ව අඩි 30ක් පමණ උසකට තිබේ. තවදුරටත් නාය යාම සිදුවෙමින් පවතී. මිය ගිය පුද්ගලයින් පිළිබඳව තහවුරු කළ තොරතුරක් තවම වාර්තා නොවේ.
13.37 P.M. මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යාමෙන් පස්කන්දට යටව සිටි දෙදෙනෙකු සෙයාගෙන තිබේ. ඔවුන් දෙදෙනා කොස්ලන්ද රෝහලට ඇතුළත් කර තිබේ. විනාශ වූ නිවාස සංඛ්‍යාව 67ක් දක්වා ඉහළ ගොස් තිබේ. බැකෝ යන්ත්‍ර යොදාගෙන පස් ඉවත්කිරිමේ කටයුතු සිදුකරයි.
12.58 P.M.මීරියබැද්ද නායයාමෙන් නිවාස 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ වශයෙන් විනාශ වී තබේ. තුවල ලැබූවන් ප්‍රමාණය තවමත් නිශ්ච්තව ප්‍රකාශ කළ නොහැකි මට්ටමක පවතී.
පසල් නිමවී පැමිණෙන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරිම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි. පාසල් ආරම්භ වීමෙන් පසුව මෙම අනතුර ඇතිව තිබෙන හෙයින් දරුවන්ගේ ජීවිත හානිය අවම මට්ටමක පැවැතිය හැකි බව ද එම කාර්යාලය කියයි.
12.36 P.M. කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යෑමෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ආරම්භකර ඇති සහන සේවා සඳහා නැවතවරක් බාධා ඇතිව තිබේ. ඒ නාය යාම අඛණ්ඩව සිදුවන හෙයිනි.
12.12 P.M. කොස්ලන්ද නාය යාමෙන් අතුරුදන්වූවන් සොයා සෝදිස් මෙහෙයුම් දුෂ්කරතා මැද කරගෙන යයි. තුවාල ලැබූවන් හල්ඳුම්මුල්ල රෝහලට ඇතුළත් කරමින් සිටියි. පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙන බව තහවුරු කළ වාර්තා කියයි.
11.43 A.M. නාය යාම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබෙන බවට තහවුරු කළ වාර්තා කියයි.
11.26 A.M. නාය යාම හේතුවෙන් පුද්ගලයන් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. මල සිරුරු තුනක් සොයාගෙන තිබේ.
11.10 A.M. නායයාමෙන් මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මල සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. මේ වන විට නිවාස 40ක් පමණ විනාශ වී තිබේ. මල සිරුරු හල්දුම්මුල්ල රෝහලට ගෙනගොස් තිබේ.
මේවන විට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලීසිය හා ගුවන් හමුදාව ආපදාවට ලක්වූවන් බේරාගැනීමට මෙහෙයුමක් ආරම්භකර තිබේ.
10.45 A.M. මීරියබැද්ද නායයාමෙන් පුද්ගලයින් 200ක් පමණ විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේවන විට වර්ග කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍ර දේශයක් නාය ගොස් තිබේ. ගුවන් හමුදා රත්මලාන කඳවුරෙන් හෙලිකොප්ටර් යානයක් මීරියබැද්දට පිටත් කර යවා තිබේ.
10.01 A.M. මිරියබැද්ද නාය යම හේතුවෙන් වෙළද සැලක්, කෝවිලක් නිල නිවස දෙකක්ද නාය ගොස් තිබේ
9.16. A.M. මීරිගබැද්ද වතු යාය ආසන්නයේ වතු යායක සිදුවූ නාය යෑම තවදුරටත් සිදුවෙමින් තිබෙන බව වාරතාවෙයි. මේ වනවිට වර්ග කිලෝමීටරයකට ආසන්න ප්‍ර දේශයක් නාය ගොස් තිබේ.
8.35 A.M.බෙරගල කොස්ලන්ද මීරියබැද්ද වතු යායක පිහිටි ලයින්කාමර පේළි 7ක් නායයෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් බොහෝ පිරිසක් අතුරුදන්වී ඇති බවට නිල නොවන වාර්තා සඳහන් කරයි.
මේ නාය යාමෙන් ලයින් පේළි 6 තිබූ නිවාස 50ක් පමණ හානිවී තිබේ. අද පෙරවරු (29දා) පෙරවරු 8.30ට පමණ මෙම නායයාම සිදුව තිබේ.
යුද හමදාව හා පොලීසිය එක්ව මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබේ.
නායයාමට පෙර අවස්ථාව
නයනානන්ද බුවනෙක/ එස්.පී. නානායක්කාර / වසන්ත කුමරගුරු/පාලිත ආරියවංශ/හැටන් රංජිත් රාජපක්ෂ/ඉන්දික හේවාවිතාරණ/ලුණුගල ප්‍රසන්න පද්මසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

