කොස්ගොඩ, දකුණු බොරළුකැටිය සුමනාරාම පන්සල අසල පදිංචි මවක හා කුඩා දරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි ටී. රේණුකා නැමති මවක සහ ඇගේ මාස අටක් වන පිරිමි දරුවාය.
මෙම කාන්තාවගේ සැමියා හැරගොස් ඇති අතර, ඇය බිළිඳා සමග තනිව දිවි ගෙවා ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.
මරණකාරියගේ හා ඇයගේ දරුවාගේ මළසිරුරු අද (09දා) පස්වරුවේ හමුවී තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.