කොල්ලුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (25දා) දහවල් විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර කොල්ලුපිටිය ප්‍රාථමික විදුලි උපපොළෙන් විදුලිය සැපයෙන ප්‍රදේශවල විදුලි සැපයුමට මෙලෙස බාධා එල්ල වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
කොලොන්නාව ග්‍රීඩ් උපපොළේ සිට කොල්ලුපිටිය ප්‍රාථමික විදුලි උපපොළ දක්වා විදුලිය සැපයෙන රැහැන් මාර්ගයේ අද (25) දහවල් මෙම තාක්ෂණික දෝෂය හටගෙන ඇතිව අතර විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.